Wednesday, March 21, 2012

බලමුද JAVA ටිකක්

මම ජාවා වලට ප්‍රවීනයෙක් නෙමෙයි. එත් දන්නා දේ දන්නා විදිහට ඔයාලටත් කියල දෙන්න මට අස හිතුන. ඒක නිසා මම මේ විදිහට ඒ දේවල් ඔයාලට දෙනවා. අඩුපාඩු ඇති...මම හිතනවා මගෙන් දෙයක් ඔයාලටත් ලැබේවි කියලා.JAVA කියන programming  language  තේරුම් ගන්න පහසු Computer  language  එකක්. එකත් එක්ක නිතරම වැඩ කරන්න ගත්තොත් මම හිතනවා ඔයත් ලස්සන වටිනාකමින් ඉහල විවිද software  බිහිකරන්නෙක් වේවි කියල. මම ඔයාලට වැදගත්ම කොටස් එකින් ඒක සිංහලෙන් කියල දෙන්න හිතුව. ඒ මමත් දන්නා විදිහටයි.

මුලින්ම hello world  එකෙන්ම පටන් ගන්නම්..

 අපි ජාවා පටන් ගන්නකොට class  file එකක් හදා ගන්නවා filename.java  කියලා.  මේ අපි දාන file name තමා අපේ programe  එකේ class  name  1 වෙන්නේ. අපි බලමු උදාහරණයක්. මම firstprograme .java කියලා මගේ java  file  ඒක save  කරනවා. එතකොට file name  ඒක අපි මේ විදිහට යොදා ගන්නවා..


 public class firstprograme{
   public static void main(String[] args) {
          System.out.println("Hello world..JAVA..");
        }
}

අපිට යම් දෙයක් print  කර ගන්න එහෙම නැත්තම් display  කර ගන්න අපි යොදා ගන්නේ System .out .println (); කියන function  එක.අපිට පුළුවන් println  නොදා print  කියලා දාන්නත්. ln  කියන එකෙන් අදහස් වෙන්නේ line  කියන දේ. අපි මුලින් print  කරන දේට පසුව අලුත් පේලියකින් දෙවැන්න print  කර ගන්න ඕන උනහම තමා අපි println කියලා යොදා ගන්නේ.

මම මේ පුංචි ආරම්බයක් සරලව දුන්නේ. මම අවදානය යොමු කරන්න ඕන දේවල් ගැන කියන ගමන් තවත් ඉදිරියට යන්නම්.




Tuesday, March 20, 2012

හිතෙන දේවල්

    මමත් කල්පනා කලා ලෝකේ වටෙන් හොයන දේවල් ඔයාලටත් බලා ගන්න තිබුනානම් වටිනවා කියල. කවුරුත් අස ඇතිනේ computer  වැඩ කිඩ දැන ගන්න නේද? මම හොයා ගන්න දේවල් දැන ගන්න විදිහට ඔයාලටත් දෙන්නම්. බලන්න මේවා හොදද කියල ok ......!!

      පුංචි දවස් වල ඉදන් COMPUTER  එක්ක දගලන නංගිලා මල්ලිලාට එහෙම නැත්තම් අයියල  අක්කලට මගෙනුත් දෙයක් එකතු කර ගන්න පුලුවන්නම් මටත් එක ලොකු සතුටක් වේවි. මම කල්පනා කලේ පරිගණක ලෝකයේ අතීතය ගැන ගොඩක් දුරට කථා කරන එක ඒ තරම් වැදගත් වෙන 1k  නෑ කියලා... එහෙම නේද? මම දන්නා දේවල් වර්තමානේ ඕන කරන දේවල් විතරක් ඔයාලට මේකෙන් දෙන්න බලන්නම්. මම හිතනවා පොඩි දෙයක් හෝ පරිගණක එක්ක දගලන ඔයාලට අලුත් 1k  වේවි කියල......

එක වෙලාවකට මටත් ගැටළුවක් මොනවගෙන් මම පටන් ගන්නද කියල... ඔයාලට දැන ගන්න අස දේවල් මට කියන්න.. මම try  කරන්නම් ඒවා ඔයාට හොද විදිහට දැන ගන්න සැලසුම් කරන්න..